27 C
Colombo
10/05/2026

පාන් – බනිස් මිල වැඩි නොවේ

Share with your friends :

රජය වැට් බද්ද ඉහළ දැමුවද පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල වැඩි නොකරන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පැවසීය.

සියයට 15 ක්ව පැවති වැට් බද්ද සියයට 18 දක්වා වැඩි කිරීම හේතුවෙන් බේකරි කර්මාන්තයට හා බේකරි හිමියන්ට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි ද පැවසූ ඔහු මේ නිසා පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල වැඩි කිරිමට සිදු වී ඇතැයි ද කීය.

එහෙත් දැඩි ආර්ථික අපහසුතා මධ්‍යයේ ජීවත් වන රටේ ජනතාව ගැන සිතා පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ නොදැමීමට තීරණය කළ බවත් වැට් බද්ද වැඩි කිරීම හේතුවෙන් සිදු වන විශාල පාඩුව බේකරි හිමියන් දරා ගන්නා බවද සඳහන් කළේ ය.

විශේෂයෙන් වැට් බද්ද වැඩි කිරීම හේතුවෙන් බේකරි කර්මාන්තයට හා බේකරි හිමියන්ට එල්ල වන විශාල පාඩුව පිළිබඳව රජය සමග සාකච්ඡා කර විසදුමක් ලබා ගන්නා බවද සංගමයේ සභාපති ජයවර්ධන මහතා පැවසීය.

Share with your friends :