27 C
Colombo
10/05/2026

ෂාන් විජයලාල් සජබයට – අම්බලන්ගොඩ සංවිධායක ධුරයත් ලැබේ

Share with your friends :

ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මංත්‍රී ෂාන් විජයලාල් ද සිල්වා මහතා සමගි ජන බලවේගය පක්ෂය සමග එක්ව ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අම්බලන්ගොඩ ආසනයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස දීර්ඝ කාලයක් කටයුතු කල ෂාන් විජයලාල් ද සිල්වා මහතා දකුණු පළාත් ප්‍රධාන ඇමතිවරයා ලෙස තෙවරක්, වසර පහලොවක කාලයක් අඛන්ඩව දකුණු පළාත් මහ ඇමතිවරයා ලෙස කටයුතු කර ඇත.

අනතුරුව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ධුරය දැරෑ ඒ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය පක්ෂයේ සාමාජිකත්වය ලබා ගෙන ඇත.

ඔහු සමගි ජන බලවේගයේ අම්බලන්ගොඩ ආසන සංවිධායකවරයා ලෙස ඉදිරියේදී පත්කරනු ඇති බවද වාර්තා වෙයි

Share with your friends :