අද සිට ක්‍රියාත්මක වන ලෙස පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් ඉහළ දමා ඇත.
ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින් ඉහල දමා ඇති අතර එහි නව මිල රුපියල් 366 කි.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක රුපියල් 38 කින් ඉහළ දැමීමත් සමග එහි නව මිල රුපියල් 464කි.
ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 29 කින් ඉහළ දැමීමත් සමග නව මිල රුපියල් 358 කි.
සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 41 කින් ඉහළ දමා ඇත්තේ රුපියල් 475 ක් දක්වායි.
භූමිතෙල් මිල රුපියල් 11 කින් පහළ දැමීමත් සමග එහි නව මිල රුපියල් 236 කි.
මේ අතර ඉන්ධන මිල අඩු මුදලක පැවැති උත්සව සමයෙන්ට සාපේක්‍ෂව මෙවර උත්සව සමයේ ඉන්ධන අළෙවිය සියයට 40 ත් 50 ත් අතර ප්‍රතිශතයකින් පහළ බැස ඇත.සමස්තයක් ලෙස ගත්විට සාමාන්‍ය දිනවල ද ඉන්ධන අළෙවිය ඉන්ධන මිල අඩු මුදලක පැවැති කාලයට සාපේක්‍ෂව සියයට 40 කින් පමණ පහළ ගොස් ඇත . ඉන්ධන මිල ඉහළ යෑම නිසා ජනතාව ගමන් බිමන් සීමා කිරීම සහ වැඩි වශයෙන් පොදු ප්‍රවාහන පාවිච්චි කිරීම මෙයට හේතු වී ඇත.
පිරවුම්හල්වල ඉන්ධන තොග රඳවාගත්තද අළෙවිය පහළ මට්ටමක පවතින අතර අළෙවි පහළ ගිය ද ඉන්ධන පිරිවුම්හල් හිමියන් විදුලි බිල සහ සේවක වැටුප් ආදි වියදම් අනිවාර්යෙන්ම දැරිය යුතු නිසා ඒ හේතුවෙන් ඇතැම් ඉන්ධන පිරවුම්හල් වැසී යෑමේ අවදානමක් ඇති වී තිබේ.
