27 C
Colombo
10/05/2026

ආදායම් බද්දට ලියාපදිංචි නොවුනොත් 50,000ක් දඩ.. අද සිට ක‍්‍රියාත්මකයි

Share with your friends :

අද දිනට වයස අවුරුදු 18 සම්පූර්ණ සියලුම දෙනා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හරහා බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබාගැනීම අනිවාර්ය කර තිබේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ තක්සේරු වසරක් තුළ රුපියල් ලක්‍ෂ දොළහට වැඩි ආදායමක් ලබන සියලුම දෙනාම ආදායම් බදු ගෙවීමට යටත් වන බවයි.

ඒ සඳහා ලියාපදිංචි නොවන පුද්ගලයන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ලියාපදිංචි කරවීමට කටයුතු කරන බවත් එහි එහිදී රුපියල් පනස්දහස නොඉක්මන දඩයකට යටත් වනු ඇති බවත් දෙපාර්තමේන්තුව කියා සිටී.

Share with your friends :