27 C
Colombo
06/05/2026

තවත් ඩොලර් ණයක් ගනී

Share with your friends :

මූල්‍ය අංශයේ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය (IDA) වෙතින් ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක ණය පහසුකමක් ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර ඇති බව මුදල් අමාත්‍යංශය නිවේදනය කරයි.

අදාළ මූල්‍ය ගිවිසුම සඳහා පසුගිය දා අත්සන් තැබුණු බව මුදල් අමාත්‍යංශය සඳහන් කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කළමනාකරණය කරනු ලබන ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය ශක්තිමත් කිරීම තුළින් ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීමට මෙම ව්‍යාපෘතිය දායක වනු ඇති බව මුදල් අමාත්‍යාංශය පෙන්වා දී තිබේ.

ඵලදායී තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය සඳහා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ඉහළම භාවිතයන්ට අනුකූලව ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ මුල්‍ය හා ආයතනික ධාරිතාව ඉහළ නැංවීම ද ව්‍යාපෘතියේ අරමුණක් බව සඳහන් ය.

Share with your friends :