27 C
Colombo
08/06/2026

ලන්සාගේ ඊලඟ රැළිය රාජපක්ෂ බලකොටුවට! සංවිධානය ප්‍රබල ඇමතිවරයෙක් බාරගනී

Share with your friends :

නිමල් ලංසා මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් යුතු නව සන්ධානයේ මීළඟ ජන රැලිය වීරකැටියේදී පැවැත්වීමට තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් පැවති මූලික සාකච්ඡාවේදී දැනට ලන්සා පිල සමඟ එක්ව කටයුතු කරන අමාත්‍ය මහින්ද අමරවීර මහතා වීරකැටියේදී ලන්සා පිල පවත්වන ජන හමුව සංවිධානය කිරීමේ වගකීම බාරගත් බව වාර්තා වේ.

ලන්සා පිල වීරකැටියේදී පවත්වන්නේ එම මන්ත්‍රී කණ්ඩායමේ තුන්වැනි ජන හමුවයි.

පළමු ජන හමුව ජාඇලදීත් දෙවැන්න කොළඹ හයිඩ් පිටියේදීත් මේ වන විටත් පවත්වා අවසන්.

Share with your friends :