27 C
Colombo
08/06/2026

ප්‍රබල චීන සමාගම් තුනක් නිව්යෝර්ක් කොටස් වෙළඳපොලෙන් දොට්ට

Share with your friends :

ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් කොටස් වෙළඳපොල විසින් චීනයේ දැවැන්ත ටෙලිකොම් සමාගම් තුනක් එහි ලැයිස්තුගත කිරීම් වලින් ඉවත් කර තිබේ. චයිනා මොබයිල් , චයිනා ටෙලිකොම් සහ චයිනා යිනිකොම් – හොංකොං යන සමාගම් මෙසේ නිව්යෝර්ක් කොටස් වෙළඳපොලෙන් ඉවත් කර තිබේ.
මෙම සමාගම් වල කොටස් නිව්යෝර්ක් කොටස් වෙළඳ පොළ විසින් ලබන සතියේ සිට නවතාලනු ඇත. ඇමරිකා එක්සත් ජනපදය මීට හේතුව ලෙස දක්වා ඇත්තේ මෙම ටෙලිකොම් සමාගම් චීන හමුදාවන් සමග ඇති සමීප සම්බන්ධතා පැවැත්වීමය.
පසුගිය නොවැම්බරයේදී ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් හමුදා සම්බන්ධතා ඇති චීන සමාගම් වලට ආයෝජනය කිරීම ඇමරිකානු ආයෝජකයන්ට තහනම් කරන ලදී. ඒ අනුව චීන සමාගම් රැසක කොටස් මිලදී ගැනීම ඇමරිකානු ආයෝජකයන්ට තහනම් වී ඇත. මේ තත්වය දෙරට අතර දැඩි උණුසුම් වාතාවරණයක් ඇති කර තිබේ.

Share with your friends :