දැනට පුරප්පාඩු වී ඇති එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අගමැති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මීළඟ පාර්ලිමේන්තු දිනයේ හෝ ආසන්න දිනයකදී දිවුරුම් දීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.
මුලදී මෙම මන්ත්‍රී ධුරය භාර ගැනීම ප්‍රතික්ෂේප කල රනිල් වික්‍රමසිංහ මහතා පසුව පක්ෂයේ දැඩි ඉල්ලීම මත මෙම තනතුර භාර ගැනීමට තීරණය කර ඇති බව සඳහන්ය. 1977 දී මුලින්ම පාර්ලිමේන්තුවට පිවිසි රනිල් වික්‍රමසිංහ මහතා පස් වරක් අගමැතිවරයා ලෙස කටයුතු කර තිබේ.
