ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නව සාමාන්‍යාධිකාරීවරයා පත් කිරීමේදී දුම්රිය සේවයේ දැනට සිටින ජ්‍යෙෂ්ට නිළධාරීන් රැසකට අසාධාරණයක් සිදුව ඇති බවට ජනාධිපතිවරයා වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
නව සාමාන්‍යාධිකාරීවරයා පත් කිරීම සඳහා මෙතෙක් පැවති ක්‍රමවේදය වෙනුවට ඊනියා සම්මුඛ පරීක්ෂණයක් පවත්වා ඒ හරහා කණිෂ්ට නිළධාරියෙකු පත්කර ඇති බව අදාල පැමිණිල්ලේ සඳහන් වෙයි. දුම්රිය දෙපාර්තමේන්තුවේ මෙතෙක් අනුගමනය කළ ක්‍රමවේදය වුයේ ජ්‍යෙෂ්ඨත්ව හා කාර්යක්ෂමතාවය සළකා බල ඉහළම නිළධාරියා ඒ සඳහා පත් කිරීමය. කෙසේ නමුත් මෙවර සම්මුඛ පරීක්ෂණයක් පවත්වා අදාල තනතුර සම්පූර්ණ කර ඇති අතර ඒ අනුව තෝරාගෙන තිබෙන්නේ ජ්‍යෙෂ්ටත්වයෙන් 09 වැනි ස්ථානයේ පසුවන නිළධාරියෙකි.
මේ හේතුවෙන් අදාල පුද්ගලයා එම තනතුරට පත් කළහොත් ඔහුට වඩා ජ්‍යෙෂ්ට නිළධාරීන් 07 දෙනෙකුට විශ්‍රාම ගැනීමට සිදුවන බවද දුම්රිය දෙපාර්තමේන්තුවෙ ඉහළ නිළධාරීන් පෙන්වා දෙති.
සම්මුඛ පරීක්ෂණය පැවැත්වීමේදී සාධාරණ ලෙස එය සිදු නොවූ බවත්, සම්මුඛ පරීක්ෂණය පැවැත්වීමට පෙර ලකුණු ලබාදීමේ පටිපාටියක් හෝ ඉදිරිපත් නොකළ බවත්, සම්මුඛ පරීක්ෂණය සඳහා සහභාගි වූ සෙසු නිළධාරීන් පවසනවා. එසේම අපේක්ෂකයන් සඳහා සමාන කාලසීමාවක් ලබා දී නොමැති අතර තෝරාගත් පිරිසකට වැඩි කාලයක් ලබා දී ඇති බවටත් චෝදනා එල්ලවී තිබේ.
සම්මුඛ පරීක්ෂණයේ පරීක්ෂණ මණ්ඩලයේ සාමාජිකයන් ලෙස, දුම්රිය සේවය පිළිබඳ කිසිදු පළපුරුද්දක් නොමැති පුද්ගලයන් පත්කර තිබූ බවටද චෝදනා එල්ල වී ඇති අතර
මෙම අවිධිමත් සම්මුඛ පරීක්ෂණය අවලංගු කර මෙතෙක් පැවති ක්‍රමවේදය අනුව, ජ්‍යෙෂ්ටත්වය හා කාර්යක්ෂමතාවය සලකා බලා දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා තෝරා ගැනීම සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ නිළධාරීන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.
