ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කෙරුණු බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි .
බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ඉදිරියේ අමාත්‍යධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේදි මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම් දීමට නියමිතව ඇත .
පත්කළ මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට බැසිල් රාජපක්ෂ මහතා පත් කළ බව සදහන් ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ වරයා වන බැසිල් රාජපක්ෂ මහතා 2015ට පෙර පැවති මහින්ද රාජපක්ෂ රජයේ ආර්ථික සංවර්ධන ඇමතිවරයා ලෙස ද කටයුතු කළේය.
