27 C
Colombo
12/05/2026

මහජන උපයෝගිතා කොමිසම අධිකරණයට යායුතුයි

Share with your friends :

මහජන උපයෝගීතා කොමිසම විදුලි බිල වැඩි කිරීමට විරුද්ධ නිසා එම කොමිසම නඩු මඟයට යායුතු බවත් මහජන උපයෝගිතා කොමිසම නොසළකා හැරීම නීතියට පයින් ගැසීමක් බවත් ‘කෝප්’ කමිටුවේ හිටපු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.

විදුලි බිල සංශෝධනය කිරීමේ යාන්ත්‍රණයක් තිබෙන නිසා එම ක්‍රියාවලිය කළ යුත්තේ නීතියට අනුව බව කී චරිත හේරත් මහතා දැරිය නොහැකි විදුලි බිලක් මේ වන විටත් පැවතීම හරහා පුද්ගලීකරණයට සූදානම් වන බව ද සඳහන් කළේය.

විදුලි බිල ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනවට ලබන සතියේ අනුමැතිය දීමට සූදානම් වන බවට තොරතුරු ඇති බවත් එම කැබිනට් පත්‍රිකාව කරුණාකර අධ්‍යනය කරන ලෙස ඇමතිවරුන්ට යෝජනා කරන බවත් මාහාචාර්යවරයා කීය.

Share with your friends :