මෙවර ඉන්දීය මහමැතිවරණයෙන් යන්තමින් ජයගත් අගමැති නරේන්ද්‍ර මෝඩි ගේ NDA සන්ධානය නව රජය නිර්මාණය කිරීමේදී ගැටළු රැසකට මුහුණදී සිටී. ඒ කැබිනට් මණ්ඩලය තෝරා ගැනීමේදීය. BJP-NDA රජය මන්ත්‍රීවරුන් 292 ක් නියෝජනය කරන අතර BJP සතුව ඇති මන්ත්‍රීවරුන් 240 ක් පමණි. බහුතරය සඳහා 272 ක් අවශ්‍ය අතර සන්ධානය නොමැතිව මෝඩිට බහුතරයක් නැත.
සන්ධානයේ පක්ෂ ප්‍රධානතම කැබිනට් ඇමතිධුර දහයකට වැඩි ප්‍රමාණයක් දැනටමත් ඉල්ලා ඇත.
මෝඩි අගමැතිවරයා දිවුරුම්දීමට නියමිතව ඇත්තේ සෙනසුරාදාය.
previous post
