2020 දෙසැම්බර් 31 දින රාත්‍රී 12 ට තත්කාලය – පුෂ නැකත
2020 ජනවාරි 01 වැනි දින ඉර උදාව උදෑසන 6.22 ට තත්කාලය – පුෂ නැකත
ඉහත සඳහන් තත්කාල හෝරාවන්ට උදාවන නව වසරේදී කටක රාශියේ බලවත් සඳුද මේෂයේ බලවත්ව කුජද සිටී.සෙනසුරු මකරයේ බලවත්ය.නමුත් ධනයට අධිපති ගුරු නීචවී ඇත.එය 2021 නොවැම්බර් 20 වැනිදා දක්වා එසේම නීචවී පවතී.
මෙවන් ග්‍රහචාරය තුල අපට ශුභ ඵල ගැන උදම් අනන්නට නොහැක.ජනතාවට කරදර එකින් එකට පැටලේ.සොර සතුරු බිය, ධනයට හානි , අත තිබෙන මුදල් නැතිවීම,ධනය ක්‍රමයෙන් අඩුවීම වැනි අඩුපාඩු මැද කාලය ගෙවීමට සිදුවේ.
තම තමන් උපාය ගන්නාදේ නිකරුනේ විනාශවී යන බැවින් ජනතාවගේ උද්යෝගයද නැතිවේ.මේ නිසා සිටින්නන් වාලේ සිටින පිරිසක්ද බිහිවෙයි.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශේෂ දියුණුවක් ප්‍රගතියක් නොපෙන්වයි.වරින් වර බාධක මතුවේ.රටේ දියුණුවට උරදෙන සේවා දායකයින්ගේ කැළඹිලි ගති මතුවේ. ආදායම් අඩුවී යයි. රෝග බියද දේශගුණ විපර්යාසද වරින් වර ඇතිවේ.
නමුත් රවී බලවත්ව හා ශනි බලවත්ව ඇති බැවින් ජල පහසුකම් බොහෝ දෙනාට ලැබේ. කෘෂිකාර්මික දියුණුවද ඇතිවෙයි. බොහෝ විට නොවැම්බර් වලට පසුව ආගමික පුනරුදය ඇති කරයි.අධ්‍යාපන ක්‍රමයද වෙනස්වී නැවතත් යථා තත්වයට පත්වේ.පාලකයන අතර නොසන්සුන්කම් මග හැරී යයි.
මේෂ , වෘෂභ , මිථුන,කුම්භ,මකර යන ලග්නහිමියන් ප්‍රවේශම් විය යුතු වසරකි.කරන වැඩකටයුතු වලට බාධාවීම් පවුලේ කටයුතුවලට බාධාවීම් හා පවුලේ සමගියට බාධා ඇති කරයි.
කන්‍යා , සිංහ, කටක , ධනු ලග්න හිමියන්ට මිශ්‍රපල දායකය.තුලා, වෘශ්චික හා මීන ලග්න හිමියන්ට තරමක් ශුභදායක තත්වයකට මග පාදවයි.
නමුත් මේ වර්ෂයද සියලු දෙනාම ආගමික වතාවත්වලට සම්බන්ධවීම, විශේෂයෙන් එකිනෙකාට මෛත්‍රිය කරමින් ආධාර උපකර කරමින් සාමුහිකව සිටීමට වගබලා ගත යුතුය.අප කෙනෙකුට අවමන් කිරීම හෝ නින්දා කිරීම තුලින් එම අයහපත් ප්‍රතිපල අපටම පැමිණේ යයි සිතා කටයුතු කරන්න.නිතර මෛත්‍රී භාවනාව වන්න.
රතන සූත්‍රය , භෝජ්ජංග සූත්‍රය හා ජය පිරිත සජ්ජායනය කරන්න. දැහැමි දිවි පෙවෙතෙකට යොමුවීම තුලින් ඔබ සැමට සියලු කරදර අවම කර ගත හැක.ලෝවැසි සියලු දෙනාම නිදුක් වේවා, නිරෝගී වේවා,සුවපත් වේවා,යන අධිෂ්ඨානයෙන් යුතුව වසර අරඹන්න.
2021 වසර ඔබ සැමට සභ නව වසරක් වේවා !
මේෂ ලග්නය
2021 වසරේ ඔබේ දියුණුවට ගන්නා වූ අධික උත්සාහයෙන් ප්‍රතිඵල අඩු ගති යෙදේ. ගමන් බිමන් අධික වේ.ස්ථානීය වෙනස්කම් ඇතිවන කාලයකි.උත්සාහයේ තරමට ප්‍රතිඵල ලැබීම අසීරුවේ.මේ කාලයේ කණගාටුවට කරුණු යෙදේ.ප්‍රේම සම්බන්ධතා සහ මංගල යෝග කැඩී බිඳී යාමට ඉඩ ඇති කාලයකි.ඥාතීන් හා තම හිතවතුන් ඈත්වේ.නිතර සිතට අසහනකාරී තත්ත්ව ඇති කරයි.ගෙයක් දොරක් සෑදීමට බලාපොරොත්තු ඇති අයට එය කරගැනීමට යහපත් වුවත් අගහිඟතා බොහෝ ඇතිවේ. බාධා තත්ත්ව නිතර ඇතිවේ.ආර්ථික තත්වය තරමක් පහතට වැටෙන කාලයකි.වසර අවසානයේ එනම් 2021 නොවැම්බර් මාසයට පසු යහපත් ආර්ථික තත්වයක් ඇති කරයි.
මේ වසරේ වියදම් වැඩි කරයි.රැකී රක්ෂා තනතුරු පහල වැටේ.රැකියාවේ නොයෙකුත් ගැටළු ඇති කරයි.ඉගෙනීම් කටයුතු අතපසු වී යයි.ශරීර සෞඛ්‍යට තරමක් අපල කාලයකි. හෘදයාබාධ ,දණහිස් අමාරු දත්වල ආබාධ වලට ඉඩ ඇත.ශරීරයේ ලේ හිඟවීම හෝ විෂ වීම මගින්ද රෝග ඇති විය හැක.
වෘෂභ ලග්නය
2021 තරමක් අවුල් කරදර මතු කරන කාලයකි.නොයෙකුත් ක්‍රම වලින් කරදර ඇතිවීමට ඉඩ තිබේ.ස්ත්‍රී පක්ෂයෙන් තරමක් කරදර මතු කරයි.විවාහ ජීවිතයේ තරමක් අවුල් ඇතිවීමට ඉඩ ඇති බැවින් නතර ඉවසීමෙන් ක්‍රියා කල යුතු කාලයකි.මේ කාලයේ පිටරට යන යෝග, වන්දනා ගමන් , දුර බැහැර ගමන් බිමන් යෙදේ.ආගමටද වැඩි නැඹුරුවක් ඇති කරයි.තමාගේ පෙර තිබු කීර්තිය අඩුවීමට ඉඩ තිබේ.නින්දා අපහාස ලැබීමට යෝග ඇතිවේ. විශ්වාස කරන ළඟ ඇසුරු කරන අයෙකු අමනාප වේ. සෑම විටම ස්ථිර නැතිව අස්ථාවරව ජීවත්වීමට සිදුවේ.බලාපොරොත්තු රහිත අවාසනාවන්ත තත්ත්ව ඇති කරයි. අලස ගති ,කම්මැලි ගති, එපා වෙන ගති , කලකිරුණු ගති මේ කාලයේ නිතර ඇතිවේ.අලුත් රැකියා ලැබීමට, උසස්වීම්වලට බාධා ඇති කරයි. රැකියා ගැටළු ඇති කරයි.ඉගෙනීම් කටයුතු අලුත් මුහුණුවරකට මාර්ගයක් ඇති වන කාලයකි.ගුප්ත් විද්‍යා, ජ්‍යෝතිෂ්‍ය විද්‍යා අංශවල ඉගෙනීමට ශුභ කාලයකි.මේ කාලයේ ආර්ථික ස්ථාවරත්වය අඩුය. අධිකව ධනය වියදම්වේ.අනවශ්‍ය දෙයට ධනය වියදම් කිරීම අඩු කරන්න. උඩ නැගීම් , වැටීම් වලින් තුවාලවීම් හා ආබාධ ඇති කරයි.යටි බඩේ හෝ ඇස්වල අබාධ,චර්ම රෝග , හදිසි අනතුරු ඇති බැවින් ප්‍රවේශම් වන්න .
මිථුන ලග්නය
2021 වර්ෂය තමාට හා තම පවුලේ අයට තරමක් අපල කාලයකි.තම දරුවකුගේ විපතකට හෝ ඈත් වීමකට යෝග ඇත. අධික ගමන් ඇතිවේ. ඉන් ප්‍රයෝජන ලැබීම අඩුය.කරගෙන ආ කටයුතු වලට අවහිර හා බාධාවීම් මතු කරයි. සතුරු උවදුරුද වරින්වර මතු කරයි.අනාගතය ගැන සිතා නිකරුනේ කනගාටුවීමට සිදුවේ. තමා ගැන නරක ආරංචි අවට පැතිරෙන කාලයකි.ඒරාෂ්ඨක කාලයක් ගෙවන බැවින් තරමක් තදබල අපල ඇතිවේ.ආශ්‍රය කරන්නන් නිසා පාඩු හානි ද ඇතිවේ.තමාට මාරක අපල පවා තිබෙන කාලයකි. නිතර පින්දහම් කටයුතු කිරීම හා සුචරිත ක්‍රියාවන්හි වාසය ඉතා යහපත්ය. තම රැකියාවේ අස්ථාවර බවක් ඇතිවේ. වර්ෂය මැද දක්වා කාලය අලුත් රැකියා සෙවීමට හෝ රැකියාවෙන් ඉවත්වී නව රැකියාවකට යාමට එතරම් ශුභ නොවේ.මිල මුදල් අතින් නිතර අගහිඟතා මතු කරයි.අධික වියදම් ඇතිවේ. අධ්‍යාපන කටයුතු වලට විවිධ බාධා ඇතිවේ. තරග විභාග කටයුතුවලින් ජය ලැබීම අසීරු කාලයකි. ඇස්වල ආබාධ , අර්ශස් ආබාධ හා ශරීරයේ දුර්වලතා මතු කරයි. උඩ නැගීම් , වැටීම් වලින් හා වාහන පැදවීමෙන් අනතුරු ඇති බැවින් ප්‍රවේශම් වන්න.
කටක ලග්නය
2021 වසර ඔබට සිතට කයට සැප ගෙන දෙන කාලයකි. ධන ලාභ ලැබේ. නීති කටයුතු වලින් ඔබට සහනය ඇති කරයි. භාර්යාව හා ස්වාමියා අතර හොඳ බැඳීමක් ඇතිකරයි. අලුත් වාහන මිලට ගැනීමට වාසනාව හිමිවේ. උසස් අය ඇසුරට ලැබේ.විවාහ කටයුතු වලට ශුභම කාලයකි.යහපත් විවාහ යෝග ඇති කරයි. විනෝදයට ප්‍රීතියට වැඩි තැනක් දෙන කාලයකි.නිතර ගමන් බිමන් යාමට අවස්ථාව සැලසේ. ගර්භනී මාතාවන් මේ කාලයේ තරමක් ප්‍රවේශම් විය යුතුය.පවුලට අලුත් ඥාති මිත්‍රාදීන් එකතුවේ.මහජනතාව සමග කරන වැඩ කටයුතු වලින් අවුල් වියවුල් වලට හා දෝෂාරෝපණ වලට හසුවිය හැකි බැවින් සැලකිලිමත් වන්න. රැකියා තනතුරු ආදිය ස්ථිර වේ.නමුත් වර්ෂය මැද භාගයේදී රැකියා උස්පහත්වීම් ගති ඇතිවේ. පරිපාලන කටයුතු වල සිටින අයගේ රැකියා යහපත්ය.වැඩි උත්සාහයක් නැතිව මුදල් ලාභ ලැබීමට නියමිතය.මිල මුදල් අතින් දියුණුවට පැමිණෙන අතර බලාපොරොත්තු රහිත ධන ලාභ හිමි කරයි. අලුත් ධර්ම ශාස්ත්‍ර ඉගෙනීමට අවස්ථාව හිමිවේ.තරග විභාග වලින් ජය හිමි කරයි.ශරීර ශක්තිය යහපත්වේ. දියවැඩියා තත්වයන් ඇති අයට තරමක් රෝගී තත්වයන් මතු කරයි. දද , හොරි ,කුෂ්ඨ ආදිය සෑදීමට යෝග ඇත. ඒ පිලිබඳ සැලකිලිමත් වන්න.
සිංහ ලග්නය
මේ කාලය ඔබට යහපත්සේම අයහපත් ප්‍රතිඵලද උදා කරයි. සමාජයට තමාව ප්‍රියවේ. සිතේ ප්‍රීතිය ඇති කරයි. තමාට කලින් අහිමිවූ වස්තුව නැවත ලැබෙන යෝග ඇත. තම්මට හා පවුලේ අයට දියුණුව ඇති කරයි. මවට යහපත් කාලයකි. ස්ත්‍රී සැප ලැබේ. විටෙක පවුලේ කෙනෙකු හෝ අන්‍යයකු නිසා තම සිතට අසතුටක් ඇතිවීමට යෝග ඇතිවේ. කල්පනාකාරීව කටයුතු කරන්නේ නම් එම බාධා අඩු කර ගත හැක. කේලාම් ඕපාදූප නිසා සිත් තැවුල් ඇතිවේ. නරක මිනිසුන් ආශ්‍රයට හා එම කටයුතුවලට ඇබ්බැහිවීමට ඉඩ ඇති බැවින් ඒවාට යොමු වීමෙන් ප්‍රවේශම් වන්න. තම ආදායම් තත්ත්ව වැඩිවේ. ව්‍යාපාර දියුණුව ඇති කරයි.දේපල වලින් ලාභ ප්‍රයෝජන හිමිවේ. රැකීරක්ෂා වලට තරමක් ශුභ වුවත් වියදම් පක්ෂය අධික වේ. එසේම සේවක ප්‍රශ්න නිතර යෙදීමටද ඉඩ තිබේ.ඉගෙනීම් කටයුතුවලට බාධාවීම් ඇති කරයි. තරග විභාග වලට තරමක් අපල කාලයකි. පිරට අධ්‍යාපනය ලබන අයට යහපත් කාලයකි. ලෙඩ රෝග වශයෙන් ලේ දෝෂ , උදරාබාධ , ඌන ලවන ගති යෙදීමට ඉඩ ඇත. සෙනසුරු මහ දශා හා අතුරු දශා ගෙවන අයට තරමක් තදබල අපල වේ.
කන්‍යා ලග්නය
මෙම වර්ෂයේ හොඳ නරක දෙකම හිමි කරයි. නොයෙක් ක්‍රම වලින් හිරිහැර ඇතිවේ. සතුරන් වැඩි වන කාලයකි. නීති ප්‍රශ්නද ඇතිවේ. දුක් කනගාටු වරින්වර ඇති කරයි.තම හිතවෙතෙකුට , ඥාතියෙකුට මාරක අපල ඇති කරයි. ස්ථාන මාරුවකට යෝග ඇත. පිනට අකමැතිවේ.තමා කරන වැඩ කටයුතු වලින් නොදැනීම නිතර වැරදි කෙරෙන කාලයකි. කර ගෙන ආ කටයුතු වලට බාධා ඇතිවේ. පව් වැඩ කීපයක් තමා අතින් වීමට යෝග ඇත. ගමන් බිමන් වලදී හදිසි අනතුරුද සිදු විය හැකි බැවින් ඒ පිළිබඳව ප්‍රවේශම් වන්න. ඔබ දේශපාලන කටයුතු කරන අයෙකු නම් ඔබේ වැඩ කටයුතු නිසි ආකාරයෙන් සිදුවන කාලයකි. වාසනාවන්ත දරුවන් මේ කාලයේ කන්‍යා ලග්නයේ ඔබට හිමි කරයි.ප්‍රීති උත්සව වලට ඇරයුම් හිමිවේ. ක්‍රීඩා කටයුතු වලට යහපත් කාලයකි.මේ කාලයේ වැඩිපුර සමාජ ආශ්‍රය ඇති කරයි.මුදල් ලාභ ලැබේ.එහෙත් ආදායම් අඩුවීමද සිදුවේ. වියදම්ද අධික වේ. රැකියා තනතුරු ලාභ බලාපොරොත්තු වන අයට එය ඉටුකර ගත හැක.විදේශ රැකියා අවස්ථා හිමිවේ.දෑතේ කර්මාන්ත වල නිරත වන අයට ශුභයි.අලුත් අලුත් දේ ඉගෙනීමට ලැබේ.විදෙස් අධ්‍යාපන කටයුතුවලට අවස්ථාව හිමිවේ. උගුරේ ආබාධ සහ හෘදයාබාධ වැනි රෝග යෙදෙන කාලයකි.
තුලා ලග්නය
2021 වර්ෂය ඔබට යහපත් කාලයකි. මුල් කාලයේ දිනපතා කරගෙන එන වැඩ කටයුතු ව්‍යාපාර වලට කරදර ඇති වුවත් වසර මැද කාලයේ තත්වය යහපත් අතට හැරේ. තම මවට අපලදායක තත්වයක් ඇති කරයි. ගෙදර අය සමග නිතර කලකෝලහාල ඇති කර ගනී. කෘෂිකාර්මික කටයුතු කරන අයට යහපත් වේ. ස්ත්‍රී-පුරුෂ බැඳීම වැඩිවේ.ප්‍රේම සම්බන්ධතා ඇතිවේ. විවාහ යෝග හා මංගල යෝගද ඇතිවන කාලයකි.ඔබට වසරේ මැද භාගයෙන් පසුව ඉතා යහපත්ය.කලක් තිස්සේ නැවතී තිබු වැඩ යලිත් ආරම්භ කිරීමට අවස්ථාව ලැබේ.ණය මුදල් ගැනීමට හා හිමිවීමට හිමිවීමට යෝග ඇත.ඉන් තම බලාපොරොත්තු යහපත් කර ගත හැක. වෙළඳ ව්‍යාපාර වලින් ලාභ ලැබේ.උප්පත්තියේ ධන යෝග තිබෙන අයට මේ කාලයේ එය ලැබීමට යෝග ඇත. වෙළඳ ව්‍යාපාර වලින් ලාභ ලැබේ. මුදල් යොදවා කරන ආයෝජන වලින් විශාල ලාභ හිමි කරයි. අධ්‍යාපන කටයුතු වල නිරත අයට එහි උසස් තත්වයක් ලැබේ. වර්ෂයේ මැද භාගයේ අලුත් දෙයක් ඉගෙනීමට හිමිවේ.තරග විභාග ජය හිමි කරයි. අසනීප ආදියෙන් පීඩා විඳි අයට සුවය ලැබේ. කෙසේ වෙතත් වෙනත් අසනීප සෑදීමට යෝග ඇත. ඇස්වල දත්වල ආබාධ හට ගනී.ශල්‍යකර්ම වලට පවා භාජනය විය හැක. ඒ පිළිබඳව සැලකිලිමත් වන්න.
වෘශ්චික ලග්නය
2021 වසරේ ඔබට යහපත් ප්‍රතිඵල උදා කරයි.ඔබට මේ කාලයේ මහජන ප්‍රසප්‍රසදය ලබා ගැනීමට හොඳ අවස්ථා උදාවේ.මහජන සේවා කටයුතු කරන අයට ප්‍රසිද්ධියට යෝග ඇති කරයි.ආගන්තුක අයගෙන් හා අමුත්තන්ගෙන් තම දියුණුවට උපකාර හිමිවේ.
වෙළඳ කටයුතු වල නිරත අයට ඒවායේ දියුණුව ඇති කරයි.අනුන්ට යටත් නොවී තම මතයට ක්‍රියා කිරීමට සිතෙන කාලයකි.ගෘහ ලාභ, වාහන මිලට ගැනීමට යෝග ඇත.පවුලේ කෙනෙකුට දරු ලාභයක් හිමි කරයි. දේපල දියුණුව ඇතිවේ.ගමන් බිමන් යෙදේ. නෑදෑහිත මිත්‍රයෙකුගේ වියෝවක් හෝ ඈත්වීමකට යෝග ඇති හෙයින් ඒ පිළිබඳව කටයුතු කිරීමේදී ප්‍රවේශම්ව කල්පනාකාරීව කටයුතු කරන්න.රැකීරක්ෂා හා කාර්යාල වැඩ කටයුතු වලින් දියුණුව ඇතිවේ.වෙළඳ ව්‍යාපාර දියුණුවද ඇති කරයි. ආදායම් වැඩිවේ. වෙලන්දමෙන් ලාභ ලැබෙන අතර ධනයද හිමි කරයි.භූමි හා සම්බන්ධ කටයුතු,පතල් වැනි කටයුතු වලින් ක්ෂණික ධන ලාභ ලැබෙන කාලයකි. දෑතේ කර්මාන්ත වලින් දියුණුව ලැබෙන කාලයකි.අධ්‍යාපනික කටයුතු වලට යහපත්ය.උසස් අධ්‍යාපන යෝග උදා කරයි.අධ්‍යාපනයට දුර බැහැර ගමන් යෙදේ.ශරීරයේ තුවාල සුළු වශයෙන් ඇති වන කාලයකි.එසේම කාලයක් තිස්සේ පැවති ලෙඩ රෝග වලින් සුවය ලැබෙන කාලයකි.වකුගඩු රෝග, මුත්‍රා දෝශ, ආමාශගත රෝග වලින් තරමක් ප්‍රවේශම වන්න.
ධනු ලග්නය
මෙම වර්ෂයේ ඔබට හොඳ නරක දෙකම හිමි කරයි. තමන්ට ඥාති මිත්‍රාදීන්ගෙන් උදව් උපකාර ලැබෙන කාලයකි. උත්සව ප්‍රිය සම්භාෂණ වලට සහභාගි වීමට අවස්ථාව උදාවේ. සතුරු කරදර වලින් ජය ගත හැකි කාලයකි. දුර බැහැර වන්දනා ගමන් ද හිමි කරයි. මංගල කටයුතු වලට බලාපොරොත්තුවෙන් සිටින ඔබට ඔබගේ සහකරුවා හෝ සහකාරිය මේ කාලයේ ලැබෙනවා ඇත. ණය ගනුදෙනු වලින් ලාභ ලැබේ. වස්තු ලාභ ද හිමි කරයි. තමන්ට ජීවත් වීමට අවශ්‍ය බොහෝ දේ අන් අයගෙන් ලැබෙන කාලයකි. වසර මැද කාලයෙන් පසු තරමක් කරදර , නින්දා අපහාස හිමිවනු ඇත. පෙර තිබු තත්ත්වය ක්‍රම ක්‍රමයෙන් අඩු වී යයි. චෝදනා හා අපවාද ලැබෙන කාලයක් බැවින් ඒ පිලිබඳ විශේෂයෙන් ප්‍රවේසම්වන්න. බලාපොරොත්තු රහිත අපල, කරදර, හදිසි ආරවුල් ඇති කරයි. කෙසේවෙතත් නිතර තම පවුලේ ඇය තම උපකාරයට ළඟ සිටි. ඊරිසියාකාර අයගේ කටයුතු වලින් ප්‍රවේශම්වන්න. මිලමුදල් ලැබේ. ආදායමද වැඩි වේ. ධන ලාභ හිමි කරයි. රැකිරක්ෂා වලින් දියුණුව ඇති කරයි. රැකියා උසස් තනතුරු වල ලාභ ඇති වේ. අධ්‍යාපනය යහපත් වේ. විභාග ජය හිමි කරයි. අසනීප තත්ත්ව සුව අතට හැරේ. වර්ෂයේ මැද භාගයට පසු නැවත අසනීප තත්ත්ව ඇතිවිය හැක. කුෂ්ඨ රෝග, වාත අමාරු දියවැඩියා රෝග ආදිය උත්සන්න විය හැකිය. ඉන් ප්‍රවේශම්වන්න.
මකර ලග්නය
2021 ඔබට තරමක් යහපත් වර්ෂයකි. කරදර හා හොද දෙකම ඇත. සියලුම පැති වලින් නිතර බාධා ඇති වේ. හදිසි දුක් කරදර බොහෝ දේ ඇති කරයි. සෑම විටම ප්‍රවේසමින් හා ඕනෑම දෙයකට සුදානමින් කාලය ගත කල යුතු වේ. කාලයක් සිට ඇති ප්‍රේම සම්බන්දත කඩිබිදී යාමට යෝග ඇත. කාලයක් තිබු විවාහ පොරොන්දුවක් කැඩී බිදී යාමට ඉඩ ඇත. එවැනි නොසිතු කරදර යෙදෙන කාලයකි. ස්ත්‍රී පක්ෂයේ ඇයට වැඩි අපල ඇති වේ. වෙහෙස මහන්සි වී වැඩ කිරීමට සිදුවේ. ගමන් බිමන් අධික වේ. හදිස්සි අනතුරු, සොර සතුරු කරදර වලින් ප්‍රවේශම් විය යුතුය. ජලයෙන් හා ගින්නෙන් අපල ඇති බැවින් ඉන් විශේෂයෙන් ප්‍රවේශම්වන්න. යහපත් ග්‍රහ දශා ගෙවන අයට මෙම තත්වයන් මිදී තරමක යහපත් තත්ත්වයක් ඇති කරයි. පවුලේ ඥාති මිත්‍රාදීන් තම සොයාගෙන එයි. ඔවුන්ගෙන් උදව් උපකාර හිමි කරයි. ලැබීමට යහපත්වේ. වාහන, ඇදුම් පැළදුම්, අහර ලැබේ. ණයතුරුස් අදින් නිදහස් වීමට හැකිය. උත්සාහයෙන් ප්‍රතිපල ලැබෙන කාලයකි. බලාපොරොත්තු රහිත ධන ලාභ හිමි වේ. අදායම් මාර්ග දියුණු වේ. වර්ෂය මැදදී රැකිරක්ෂා කටයුතු වලට යහපත්ය. ආගමික පොත්පත් ඉගෙනීමට ලැබේ. විභාග ජය හිමි වේ. ශරීරයේ බර අඩු කරයි. අසනීප වැළදුණහොත් සුව වීමට ප්‍රමාද වේ. හෘදයාබාධ, වාත අමාරු අතිඅයට ඉන් අතුරු අබාධ රෝග වලට ඉඩ ඇති කාලයකි. විශේෂයෙන් ස්ත්‍රී අයට රෝගී තත්ත්ව වැඩි වේ.
කුම්භ ලග්නය
2021 ඔබට තරමක් යහපත් නොවෙනු ඇත. ආදර සම්බන්ධතා ඇති කරයි. නිතර ගමන් බිමන් යෙදේ. නඩු හබ පැටලිලි හා අවසානයේ ඉන් නිදහස් වීමට හැකි වේ. තමාට නිතර අන් අයගේ උපකාර ඇති කරන කාලයකි. ඉඩ කඩම් හා ගොඩනැංවීමේ කටයුතු, කෘෂි අර්ථිකයට, මහජන ප්‍රචාරක කටයුතු වලින් මුදල් සම්පාදනය කර ගැනීම වැනි කටයුතු වලට යහපත්ය. ඉඩකඩම් දියුණු කරගත හැකි කාලයකි. අප්‍රසිද්ධව අන් අයට උදව් උපකාර කරන කාලයකි. වරින් වර සිත් තැවුල් ඇති කරයි. යහපත් දශා කාල ගෙවන අයට තරමක් යහපත් වුවත් වියදම් අධික වේ. හදිසි අනතුරු වලින් ප්‍රවේසම් විය යුතුය. මුලදී කරන ලද මෝඩකම් වලින් ඵල ලැබෙන කාලයකි. හිතේ හරි හැටි ධනය වියදම් කිරීමට නොලැබේ. පුණ්‍ය කටයුතු සදහාද වියදම් කරයි. උත්සාහයෙන් කරන රැකියාව ඉදිරියට කරගෙනයාම ශුභයි. උසස් තනතුරු ලැබීම ඇත. අලුත් රැකියා සෙවීම නොකල යුතු කාලයකි. විද්‍යා අංශයේ ඉගෙනුම ලබන සිසුන්ට යහපත් වේ. විදෙස්ගත අධ්‍යාපනයට යහපත් වේ. ශරීර අසනීප තත්ත්ව ඇති වේ. ලෙඩගති ඇතැම්විට මාරක පවා ඇති කරයි. ලේ වල අසනීප හා හෘද රෝග පිලිබඳ ප්‍රවේශම් විය යුතු කාලයකි.
මීන ලග්නය
ඔබට යහපත් ප්‍රතිපල ගෙන දෙන කාලයකි. සිතේ සතුටට කරුනු සෑදේ. සතුරන්ගෙන් ජය හිමි වේ. මිත්‍රයන්ගෙන් උපකාර හිමි කරයි. උත්සාහයේ තරමට ප්‍රතිපල ඇති කරයි. අලුත් වැඩ ආරම්භ වේ. ප්‍රසිද්ධිය ඇති වේ. ප්‍රීතිමත් ගමන් බිමන් ඇති කරයි. ද්‍රව්‍ය ලාභ, ධාර්මික ලාභ ලැබෙන වාසනාවන්ත කාලයකි. නමුත් මේ කාලයේ සුළු හෝ නින්දාවකට ලක් වීමට යෝග ඇත. සමහර අවස්ථා වල එය නිසා සැනසීම අඩු කරයි. ඥයතින්ගෙන් ඈත්වීමට ද යෝග ඇත. දේශපාලන, ඡන්ද වැඩ වලට සුබ දායකයි. ජය හිමි වේ. සමාජ සේවා වැඩ වලින් ජනප්‍රියත්වය ඇති කරයි. එසේම අවි ආයුධ වලින් කරන වැඩ වලින් අනතුරු ඇති කරයි. එවන් ප්‍රවේසම්වන්න. යහපත් දරුඵල ලැබෙන කාලයකි. විවාහ යෝග හා ප්‍රේම සම්බන්දත ඇති කරයි. මිල මුදල් ලාභ ලැබේ. වෙළඳ ව්‍යාපාර වලින් වැඩි ලාභ හිමි වේ. අදායම් වැඩි කරයි. රැකිරක්ෂා වලට යහපත් කාලයකි. එකවර ලැබීමට ඇති දීමනා පඩි මුදල් ලැබීම් ඇති වේ. අහිමි වූ රැකියා නැවත හිමි වේ. අධ්‍යාපනයට යහපත්ය. තරග විභාග ජය ලබයි. විදේශ අධ්‍යාපනික ශිෂත්ව ලැබේ. සියලු ක්ෂේත්‍ර වල අධ්‍යාපනයට යහපත්ය. ශරීර අසනීප තත්ත්ව ඇති කරයි. වර්ෂයේ මැද භාගයට පසුව තරමක් සෞඛ්‍ය අයහපත් වේ. වාත අමාරු, දියවැඩිය රෝග නිසා වැඩිපුර පිඩාවට පත්විය හැක.
ජ්‍යෝතිෂ්‍ය විද්‍යා විශාරද, මුළු දිවයිනටම සාම විනිසුරැ, ධර්ම ප්‍රසාදිනි, දිරියමාතා
චින්තා වික්‍රමසිංහ

