27 C
Colombo
06/05/2026

රිෂාඩ් බදුර්දීන්ට පාර්ලිමේන්තු එන්න දෙන්න එපා – පොලිස් ඇමති කථානායකගෙන් ඉල්ලයි

Share with your friends :

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට පාර්ලිමේන්තු පැමිණීමට තවදුරටත් ඉඩ නොදෙමින් මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝනය කර තිබෙන බවට පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කළ කරුණු දැක්වීමට පිළිතුරු ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වන හෙයින් පරීක්ෂණ අවසන් වන තුරු පාර්ලිමේන්තුවට පැමිණීමට අවසර නොදෙන ලෙසයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින මන්ත්‍රීවරයෙකුට පාර්ලිමේන්තුවට පැමිණීමට අවසර දීමෙන් එම විමර්ශන කටයුතුවලට බාධාවක් මතුවිය හැකි බවයි අමාත්‍යවරයා පවසා ඇත.

සරත් වීරසේකර මහතාගේ මෙම කරුණු දැක්වීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් විරෝධය එල්ල විය. මෙහිදී කථානායකවරයා පැවසුවේ පවතින කොවිඩ් 19 තත්ත්වය හමුවේ තමන්ට ඒ ගැන තවදුරටත් තීරණයක් ගැනීමට නොහැකි වී තිබෙන බවත් පවතින තත්ත්වය තවදුරටත් බරපතල වී තිබෙන බවත් පමණක් තමන් වෙත දැනුම් දී තිබෙන බවය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට කිසිදු නීතිමය බාධාවක් නොමැති බව නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා තිබේ.

Share with your friends :