27 C
Colombo
19/05/2024

තරුණ දූවරුයි අම්මායි තනිව සිටි නිවසට පැන්න සල්ලාලයින්ට නොසිතූ ඉරණමක්

Share with your friends :

මිනුවන්ගොඩ යාගොඩමුල්ල ප්‍රදේශයේ නිවසක දේපළ කොල්ලකෑමේ හෝ නිවැසි කාන්තාවන්ට අතවර කිරීමේ අරමුණින් දියණියන් සිව් දෙනෙකු සමඟ මවක රැඳී සිටි නිවසකට ඇතුළු වූ බව කියන කල්ලියක සාමාජිකයෙකු අසල්වැසි තරුණයකුගේ ප්‍රහාරයකට ලක්ව බරපතළ කැපුම් තුවාල සහිතව නිවස තුළදීම මරණයට පත් වී සගයින් දෙදෙනා පලා ගිය බව කියන සිද්ධියක් පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බව මිනුවන්ගොඩ පොලීසිය පවසනවා.

පසුදිය 11 වැනි දා අලුයම් කාලයේ යාගොඩමුල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ දෙමහල් නිවසකදී ඇති වූ මෙම සිද්ධියෙන් මරණයට පත්ව ඇත්තේ ඕපාත ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු බවට හඳුනාගෙන ඇති බව සඳහන්.

ව්‍යාපාරිකයකු වන ගෙහිමියා තම ව්‍යාපාරික කටයුතු සඳහා දිනපතා අලුයම තුනට හතරට පමණ නිවසින් පිටතට යාම සිරිතක් වී ඇතැයි ද එසේ පිටව යන සෑම අවස්ථාවක ම අසල්වාසී නිවසක තරුණයෙකුට ඒ බව දන්වා පිටව යාම ඔහුගේ පුරුද්දක් වී ඇතැයි ද මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇති බව පොලීසිය පවසා සිටියා.

මෙදින ද අලුයම කාලයේ දී අදාළ ව්‍යාපාරිකයා කොළඹ මැනිං වෙළඳපළ කරා පිටව ගොස් ඇත්තේ සුපුරුදු පරිදි අසල්වැසි තරුණයා දැනුවත් කිරීමෙන් පසුවයි.

ව්‍යාපාරිකයා නිවසෙන් පිටව ගිය පසු නිවසේ රැඳී සිට ඇත්තේ තරුණ දූවරුන් සිව් දෙනා සමඟ බිරිඳ පමණක් බවයි වාර්තා වන්නේ.

සුළු වෙලාවකට පසු එම නිවස ප්‍රදේශයෙන් සුනඛයන් බුරන අයුරු අසල්වැසි තරුණයාට ඇසී ඇති අතර සුනඛයන්ගේ හඬෙහි අමුත්තක් දැනුණු නිසා එම තරුණයා ව්‍යාපාරිකයාගේ බිරියට දුරකථන ඇමතුමක් ලබා දී තොරතුරු විමසා තිබෙනවා.

එවිට ඇය පවසා ඇත්තේ තම නිවසෙන් පිටත අඩි ශබ්ද කිහිපයක් ඇසෙන බවට යි

මෙම අවස්ථාවේ දී  නිවසේ මිදුලේ රැඳී සිටි අපරාධකරුවන් නිවසේ පිටු පස දොරටුවකින් නිවසට ඇතුළු වී තිබෙන අතර අදාළ නිවසෙහි මිදුලේ කිසියම් පිරිසක් ගැවසෙන බවට ව්‍යාපාරිකයාගේ බිරිඳගෙන් දැන ගත් අසල්වැසි තරුණයා ද නිවස කරා පැමිණ ඇත්තේ ඒ පිළිබඳව පරීක්ෂා කිරීමට යි.

එහි දී අදාළ තරුණයාට ඇසී ඇත්තේ නිවසේ තරුණියන් නිදා සිටි කාමරයක දොරවල් කැඩීමට කොල්ලකරුවන් උත්සහ ගන්නා බවයි.

වහාම ක්‍රියාත්මක වූ අසල්වැසි තරුණයා නිවසට ඇතුළු වී ඒ වන විට නිවසට තුළ සිටි අපරාධ කල්ලියේ සාමාජිකන් තිදෙනාට ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

තරුණයාගේ ප්‍රහාරයට ලක් වූ එක් අපරාධකරුවෙකු නිවස තුළ කැපුම් තුවාල සහිතව ඇද වැටී ඇති අතර සෙසු සාමාජිකයන් දෙදෙනා පලා ගොස් ඇතැයි සඳහන්.

බරපතළ කැපුම් තුවාල ලබා ඇදවැටුණු පුද්ගලයා එම ස්ථානයේදීම මරණයට පත්ව තිබෙනවා.

මේ අතර පලා ගිය එක් පුද්ගලයකුටද තුවාල සිදුවී ඇති බවට සැක කරන බව ද පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා.

එවැනි තුවාලකරුවකු රෝහල්ගත වී ඇත්දැයි අනාවරණය කර ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වනවා.

නිවසට ඇතුළු වූ අපරාධ කල්ලියේ සාමාජිකයන් අත අවි ආයුධ තිබී ඇති බවද හෙළි වී ඇති බව පොලිසිය සඳහන් කරනවා.

දේපළ සහ තරුණියන් සිව් දෙනා ඇතුළු පිරිස ආරක්ෂා කර ගැනීම සඳහා පුද්ගලික ආරක්ෂාවේ අයිතිය යටතේ පියවර ගත් තරුණයා සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඉදිරි පියවර ගැනීමට නියමිත බව ද පොලිසිය සඳහන් කළා.

තවත් පුවත් > > >

නිදාසිටි මවට වින කළ අපරාධකරුගේ සිරුර ගසක එල්ලෙයි
සනත් නිශාන්තගේ අනතුර ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්
එක් කාන්තාවකට වඩා ඇසුරු කරන පිරිමින්ට රතු එළියක්
Share with your friends :

Related posts

පෙත්තක් නිසා දැරියකට නොසිතූ ඉරණමක් – දෙමාපියන්ට ඇස් ඇරෙන පාඩමක්

sp

කැබිනට් මණ්ඩලයට 25යි – විජිතට ප්‍රබල ඇමතිකමක් ලැබෙන ලකුණු!

sp

විදෙස් රැකියාවලට යන කාන්තාවන්ට අලුත් නීතියක්

sp

වැඩිම වියදම රාජිකාගෙන්! මාසයක් තුළ මන්ත්‍රීවරුන්ට වියදම් කළ මුදල මෙන්න!

sp

සෑම ඉන්ධන පිරවුම්හලකම අද සිට මිල වෙනස් වන්නේ මෙහෙමයි

sp

මළ සිරුරක් සමග දින ගණනක් එකට සිටි බිරිඳක් පානදුරෙන් හමුවෙයි

sp

ඇමති 2000ට දෙන්න ගිය තැඹිලි ගෙඩි ඇතුලේ වල්ලපට්ටා දැම්මාදැයි ගැටලුවක්!

sp

මාලිමා ආණ්ඩුවේ ඇමති මණ්ඩලය අනුර කුමාර පළමුවරට හෙළිකරයි (VIDEO)

sp

කලිසමක් ඇන්ද නිසා තරුණියක් අමානුෂික ලෙස මරාදමයි

sp